ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හෙට දිනයේදී චෙන්නායි කණ්ඩායමේ සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ඊයේ දිනයේ දී අවසන් වීමත් සමගයි.
ඒ අනුව ලබන 12 වැනිදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ඔවුන් දෙදෙනා සලකා බැලීමට චෙන්නායි කණ්ඩායමට හැකි වනු ඇති.
එමෙන්ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිදු හසරංග ද හෙට දිනයේදී බැංගලෝර් සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක ද ඉදිරි දිනකදී එම කණ්ඩායම සමග එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311