ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කරමින්.

අදාළ පනතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වැඩි විරෝධයක් ලාංකීය ජනසමාජය තුළ උද්ගතව ඇති බවයි අදාළ ලිපියෙන් මහ නාහිමිවරුන් පෙන්වා දෙන්නේ.

එම නිසා අදාළ පනත් කෙටුම්පත විශේෂඥ මණ්ඩලයක් හරහා නොගැලපෙන වගන්ති ඉවත් කොට යළි සැකසීම සුදුසු බවයි අදාළ ලිපියෙන් වැඩිදුරටත් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් පෙන්වා දෙන්නේ.

මහ නාහිමිවරුන් නිකුත් කරන ලද අදාළ ලිපිය පහතින් දැක්වේ.

 

WhatsApp Group

Skip to content