Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ කාලසීමාව අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන්වීමට නියමිතයි.

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ කාලසීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර එම කාලය කිසිසේත් දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කැඳවීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

කොමිසම සඳහන් කළේ, හෙට එම කැඳවීම සිදු කර ඇති බවයි .

පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ජා කිරීමට කොමිසමේ විශේෂ හමුවක් ද ඉදිරි දින කිහිපයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු ඊයේ දිනයේ දී ආරම්භ වුනා.

ඒ, අදාළ පළාත් පාලන ආයතන සඳහා නියමිත පරිදි නාමයෝජනා භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් අනුවයි .

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 340 සඳහා වෙන් වෙන්ව ඡන්ද පත්‍රිකා සැලසුම් කෙරෙන බව, මැතිවරණ කොමිසම සඳහන් කලා.

එලෙස සැලසුම් කරන ජන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා කඩිනමින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content