Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සරුංගල් උත්සවයක් අතරවාරයේ දී තියුණු සරුංගල් නුල්වලට ගෙල කැපීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියවෙන්  වර්තවනවා.

ඉන්දියාවේ, බටහිර ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වෙන උත්තරායන් නම් වූ උත්සවයකදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම සරුංගල් උත්සවයේදී ඇතිවූ  විවිධ අනතුරු හේතුවෙන් තවත් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.

සරුංගල් තරගවලදී ප්‍රතිවාදී සරුංගල් වල ඇති ආධාරක නුල් කපා හැරීම සඳහා  බොහෝවිට  තියුණු තල සහිත ආධාරක නුලක් යොදා ගනු ලබනවා.

එලෙස යොදා තිබු සරුංගල් නුලක පැටලී ගෙල ප්‍රදේශයට ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් මෙලෙස කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මිය ගිය කුඩා දරුවන් අතර අවුරුදු 02 ක සහ 03 වියේ පසුවන ගැහුණු දරුවන් දෙදෙනෙකු සහ සත් හැවිරිදි පිරිමි දරුවෙකු ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

WhatsApp Group

Skip to content