ගිණිකොණ දිග තුර්කියේ සිරියානු දේශසීමාව ආසන්නයේ සිදුවූ භූ කම්පනයෙන් බලපෑමට ලක්වූ මිලියන 4කට අධික පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර සංවිධාන පවසනවා.

එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කර ඇත්තේ දැනටමත් රටවල් 30 කින් පමණ සහන කණ්ඩායම් තුර්කිය සහ සිරියාව වෙත ළගා වී ඇති බවයි.

තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 11 000 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ද මේ වනවිට 30,000 ඉක්මවා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content