ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

මෙම සත්‍යග්‍රහයට විධායක නිලධාරීන්ගේ වෘත්තිය සමිති හැර සියලු වෘත්තිය සමිති එක්ව ඇති බව සදහන්.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා පැවුසුවේ, ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේදී සාකච්ඡා කර තීරණයකට එළැබෙන බවයි.

ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික සමාගම්වලට ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජගත් විජේගුණරත්න මහතා කියාසිටියා .

ඊයේ පෙරවරුවේදීයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛණිජ තෙල් සේවකයින් මෙම සත්‍යග්‍රහයේ ආරම්භ කරනු ලැබුවේ.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිළිකළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා.

https://www.vnews.lk/storage/2023/03/JAGATH-WIJEGUNARATHNE-EDIT-1.mp3?_=1

මේ අතර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය කඩිනම් මැදිහත්වීමක් සිදුනොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා .

එහි සභාපති ශ්‍යම් බන්නැහැක මහතා ප්‍රකාශ කළේ, අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබාදී නොමැති බවයි .

ඒ සඳහා රජය කඩිනමින් පියවර නොගතහොත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස දැඩි ක්‍රියාමාර්ගවල නිරත වීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා වැඩි දුරටත් කියාසිටියා .

WhatsApp Group

Skip to content