දැනට ක්රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ.
මේ වනවිට මෙම තේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ අක්කර 10ක් දක්වා වූ තේ වතු සඳහා පමණි. තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම අනිවාර්ය වේ. නමුත් දැනට තේ සඳහා පොහොර යෙදීමට තේ වගාකරුවන් පියවර නොගන්නා නිසා තේ දළු අස්වැන්න ක්රමානුකූලව අඩු වීමක් පෙන්නුම් කරයි. මේ නිසා තේ සඳහා යොදනු ලබන පොහොර වර්ග තුනක මිල ගණන් වෙළෙඳපළේ පවතින මිල ගණන්වලට වඩා සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය තීරණය කළේය.
තේ සඳහා වන පොහොර සහනාධාරය යටතේ U- 709 සහ U- 834 කිලෝග්රෑම් 50ක පොහොර මිටියක් රු. 7735කටත්, T 56 තේ පොහොර මිටියක් රුපියල් 8325ක හා T 750 හා T 250 පොහොර මිටියක් රු. 5550ක සහන මිලකටත් ලබා දීමට කටයුතු යොදා ඇත.

WhatsApp Group

Skip to content