Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සිය අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දියණියට අමානුෂික ලෙස පහර දුන් පියෙක් පිළිබඳව පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වුනා.

විදේශගතවී සිටින දැරියගේ මවගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා ඔහු මෙලෙස දැරියට පහරදෙමින් වේදනාවෙන් හඬාවැටෙන දැරියගේ වීඩියෝ මව වෙත යවන බවයි අනාවරණය වී ඇත්තේ .

දරුවා පිලිබඳ මායිම් නොකරන මෙම පියා, මුදල් අවශ්‍ය සෑම මොහොතකම මෙවැනි වීඩියෝ පට ඇයගේ මවට යොමු කර තිබෙනවා.

විදෙස් ගතව සිටින මව මේ පිලිබඳ දරුවාගේ මිත්තනියට දන්වා ඇති අතර පසුව ඇය විසින් මේ පිලිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන් ඇති අතර ඔහු හිඟුරක්කොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයා මින් පෙර වෙනත් විවාහයක් සිදු කර ගත අයෙක් බවත් එහිදී ඔහුට දරුවන් දෙදෙනෙක් සිටින බවත් වාර්තා වී තිබෙනවා.

මේ අතර සිය සු`ඵ මවගේ පහරදීම්වලට ලක්වන ගැහැණු දරුවකු පිලිබඳ වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුනා.

ඒ පිලිබඳ සිදුකල විමර්ශන වලදී අදාල සුළු මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන රාගම කුරුකුළාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

පහර කෑමට ලක්වූ ගැහැණු දරුවා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර අයගේ පියා විදෙස් ගතව ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content