විවිධ ප්‍රදේශවල සොරකමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.

ව්‍යාපාරිකයාගේ නිවසින් මැණික් සොරකම් කළ මේ දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල දුම්රිය ස්ථානය අසලදී.

එක් පුද්ගලයෙකු ‘ගලේ කපිල‘ ලෙස හඳුන්වන 44 හැවිරිදි අයෙක් වන අතර අනෙක් සැකකරු 28 හැවිරිදි අයෙක්.

මෙම කල්ලියේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු වන අතර පිරිස මහනුවර දවුලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වන්නේ.

ඔවුන් මහනුවර සිට දුම්රියෙන් පැමිණ ප්‍රදේශ කිහිපයක සොරකමේ නිරත වී ඇති බව සඳහන්.

ඔවුන් සන්තකයේ තිබී මැණික් ගල් 264ක් සහ රුපියල් 15,000ක් පොලීසිය භාරයට ගැනුනා.

සැකකරුවන් විවිධ ප්‍රදේශවල සිදුවූ සොරකම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණ මගින් දඬුවම් ලබා ඇති පුද්ගලයන් බවයි පැවසෙන්නේ.

WhatsApp Group

Skip to content