දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වායු තත්ත්වය සෞඛ්‍යට අහිතකර ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

අද පෙරවරු 11.30 වන විට දුර්වලම වායු තත්ත්වය කොළඹ දිස්ත්‍රිකයෙන් වාර්තා වුණා.

එහි වායු ගුණාත්මක අගය දැක්වුණේ අදාළ දර්ශකයේ ඒකක 135ක් ලෙසයි.

එමෙන්ම ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 130ක අගයක් ගෙන තිබු අතර යාපනයේ නගරයෙන් ඒකක 128ක් ලෙස සටහන්ව තිබුණා.

වායු ගුණාත්මක දර්ශකයට අනුව සෞඛ්‍යට අහිතකර අගයන් ලෙස දැක්වෙන්නේ ඒකක 101 සිට 150 දක්වා වු අගයකයි.

WhatsApp Group

Skip to content