බස්නාහිර පළාතේ සහ දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා.

පසුගිය වසරවලට සාපේක්ෂව එම දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි ඒ මහතා සදහන් කළේ.

මේ අතර ඩෙංගු රෝගය වැලදී ඇත්නම් ශාරිරිකව විවේක ගැනීම අවශ්‍ය වන අතර උණ තත්ත්වය පවතින අවස්ථාවන් හිදි පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ නොගෙන සිටීම වැදගත් වන බව ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content