Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කලේ හෙට දිනයේදී සියයට 75ක තරම් බස් ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවයි.

https://www.vnews.lk/storage/2023/04/GEMUNU-WIJERATHNA-EDIT.mp3?_=1

අලුත් අවුරුදු නිවාඩු ලබා සිටි ඇතැම් රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද උදෑසන කාලයේ සිට මේ දක්වා දුම්රිය ගමන්වාර 30 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී ඇති බවට පුවතක් වාර්තා වුණා .

අපි මේ පිළිබදව සත්‍ය අසත්‍ය තාවය දැනගැනීමට සම්බන්ද කර ගත්තා දුම්රිය අතිරේක සාමන්‍ය අධිකාරී වී .එස් .පොල්වත්තගේ මහතා .

එහි දී ඔහු කියාසිටියේ කිසිදු අඩුපාඩුවකින් තොරව දුම්රිය ධාවනය වන බවයි .

 

https://www.vnews.lk/storage/2023/04/V.S-POLWATHTHA-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content