දූෂිත රාජ්‍ය නිලධාරින්ගේ සහ දේශපාලනඥයින්ගේ අල්ලස, දූෂණයට එරෙහිව දූෂණ විරෝධී පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට අද යොමු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළා.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී පඥ්ඥප්තියට අත්සන් කළ ශ්‍රී ලංකා රජයට දූෂණයට එරෙහි ශක්තිමත් යාන්ත්‍රණයක් සෑදීමට මේ වන තෙක් නොහැකි වීම හේතුවෙනුයි මෙම තීරණය අධිකරණ අමාත්‍යවරයා විසින් ගෙන තිබෙන්නේ.
දැනට ක්‍රියාත්මක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා විශ්‍රාම ශාලාව වෙනුවෙනට බලතල සහිත ස්වාධීන, ශක්තිමත් කොමිසමක් මෙම නව පනත මගින් ස්ථාපිත කරන බවටයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311