දෙමළ ජනතාවගේ ගැටළුවෙනුවෙන් ස්ථිර විසදුමක් ලබාදීමට සියළු දෙමළ දේශපාලන පක්ෂ එක්විය යුතු බවට ඉල්ලීම් කරමින් වේලුපිල්ලේ මාධව මේජර් නමැති පුද්ගලයෙකු අඛණ්ඩව සිව්වන දිනටත් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පැවැත්වු උපවාසය අත්හැර තිබෙනවා.
ඒ දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එක්ව දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් කටයුතු කරන බවට පොරොන්දුවක් ලබාදීමේ එකඟතාවකට අනුවයි.
දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පොරොන්දුවීමත් සමඟ උපවාසකරු සිය උපවාසය අත්හළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝගරාදලිංගම් මහතා සඳහන් කළා.
දෙමළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්,දෙමළ ජනතාවගේ භූමිය වෙනුවෙන් හා දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් දෙමළ දේශපාලන නායකයින් එක්විය යුතු බවට තමන් ඉල්ලීම් කරන බවයි උපවාසකරු පැවසුවේ.
උපවාසයේ නිරතව සිටින පුද්ගලයා රැදී සිටින ස්ථානයේ පවතින බැනරයක සඳහන් කොට ඇත්තේ හිටපු එල් ටි ටි සාමාජික හා හිටපු එල් ටි ටි සංවිධාන මහ විරුවෙකුගේ සහෝදරයෙකු වන වේලුපිල්ලේ මාධව මේජර් නමැත්තා උපවාසයේ නිරතව සිටින බවයි.
පසුගිය 09 වැනිදා එම පුද්ගලයා උපවාසය ආරම්භ කර තිබුනා.
උපවාසකරු ට සහයෝගය පළ කරමින් අද මුලතිව් පුදුකුඩිඉරිප්පු නගරයේ ඇතැම් වෙළඳසැල් ද වසා දමා තිබෙනවා.
උපවාසකරු සමඟ සාකච්ජාවට ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්,ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්,පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝගරාදලිංගම් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
(වවුනියාව – මාධව කුලසූරිය)

WhatsApp Group

Skip to content