Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජුලි මස 15වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟතාවය පළ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා

ඒ අනුව 10 %කින් එම මිල සංශෝධනය සිදුකිරීමට ඔවුන් එකඟතාවය පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ

ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකඟතාව පළ වු බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා

ඒ අනුව දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල රුපියල් 350ත් 450ත් අතර මිලකින් පහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ

පවතින වෙඳෙළපොළ තත්ත්වයන් හා ඩොලරයේ මිල අනුව ඉදිරියේ දී තව දුරටත් මිල අඩුකිරීම පිළිබඳව නිෂ්පාදකයින් සමග සාකච්ඡා කර සලකා බලන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියා

WhatsApp Group

Skip to content