Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලෙස රුපියල් බිලියන 372 කට අධික මුදලක් ගෙවන ලෙස ඉල්ලමින් ධීවර සංවිධාන ඇතුලු‍ නියෝජිතයින් 18 දෙනෙකු කොළඹ වානිජ මහාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළා.

සමස්ත ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත ප්‍රනාන්දු, ඇතුලු‍ පිරිසක් ඊයේ ගොනු කළා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නෞකාව සම්බන්ධයෙන් කටයුතු කරන සිංගප්පූරු, එංගලන්තය ඇතුළු විදේශ සමාගම්, පරිසර, ධීවර, වරාය යන අමාත්‍යවරුන් ඇතුලු‍ 17 දෙනෙකු නම් කර තිබෙනවා.

ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටීම, රැකියා අහිමි වීම, ධීවර කර්මාන්තයට සිදු වූ පාඩුව මෙන්ම මත්ස්‍ය අභිජනනය පහත වැටීම ඇතුළු කරුණු යටතේ මෙම වන්දිය ගණනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content