නඩු භාණ්ඩ ලෙස තිබු ගජමුතු 5ක් චීන ජාතිකයෙකුට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාර සේවකයෙකු සහ නඩු භාණ්ඩ කාමරය භාරව කටයුතු කළ සේවකයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුයි.
දඹුල්ල පොලිස් විශේෂ කාර්යංශයට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අදාළ ගජමුතු රැපියල් ලක්ෂ 120කට අලෙවි කිරීමට සැකකරැවන් සැලසුම් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311