Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නවක රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ වැටුප් මාස දෙකක් තුළ වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මැදිහත් වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ලංකාගමනාගමන මණ්ඩලය වෙත බඳවා ගත් නවක රියදුරු, කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ 2025 වසර වන විට ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත්කිරීම අද දිනයේ පත්වීම ලබන සියල්ලන්ගේ වගකීමක් බවයි.

තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කලේ බොහෝ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඇති එකම පොදු ප්‍රවාහන මාධ්‍ය ලංගම බස්රථය පමණක් බවයි.

ආයතනය වෙත ලැබිය යුතු ආදායමෙන් විශාල ප්‍රමාණයක් අතලොස්සක් වූ කොන්දොස්තරවරුන් සහ රියදුරන් විසින් ආයතනය වෙත ලබා නොදී රඳවා ගැනීම මේ වනවිට ලංගම මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

තමන් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී වංචා දූෂණ හොරකම් වලට කිසිම අවස්ථාවක සමාවක් ලබා නොදෙන බවත් ඊට කිසිදු දේශපාලන බලපෑමකට ඉඩ නොදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාල නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

WhatsApp Group

Skip to content