එළඹෙන අවුරුද්ද මීටත් වඩා භග්‍යමත් සහ සමෘද්ධිමත් කර ගැනීමට උත්සහ ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සිංහල හා දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

සියලු දෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි බව ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයේ සදහන්.

ඒ අනුව පක්ෂ පාට , ජාති ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content