Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකය අද දිනයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි .

නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට සැලසුම් කර තිබෙනවා.

නව ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ, නව ලංකා නිදහස් පක්ෂයේ හාවා ලකුණ යටතේ පළාත් පාලන ආයතන රැසකට, 43 වන සේනාංකය සමග එක්ව තරග කිරීමට නියමිතව ඇති බව ය.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඇතැම් පළාත් පාලන ආයතන සඳහා නව ලංකා නිදහස් පක්ෂය සමගත් , ඇතැම් පළාත් පලාන ආයතන සඳහා ජනාධිපති නීතිඥ, මෛත්‍රී ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සමගත් එක්ව තරග කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා .

එම සේනාංකය සඳහන් කළේ ,ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ස්වාධින කණ්ඩාමක් ලෙස ඉදිරිපත් වන බවයි .

මේ අතර විපක්ෂයේ චන්ද පාර්ශව තුනකට වෙන්වීම හේතුවෙන් පවතින ආණ්ඩු පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසනවා .

ඔහු මේ බව සදහන් කලේ හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින්

https://www.vnews.lk/storage/2023/01/CHANAKA-EDIT-1-1.mp3?_=1

මේ අතර මැතිවරණය සමබන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පල වුනා .

https://www.vnews.lk/storage/2023/01/MATHIWARANAYA-EDIT-.mp3?_=2

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරය ලකුණ යටතේ තරඟ කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ ගැනීමට නියමිත බව එක්සත් නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔවුන් ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී උතුරු, නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 18 ක් සඳහා ඒලෙස තරග කිරීමට බලාපොරොත්තුවනවා .

මේ අතර සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා තම පක්ෂය තනිව තරඟ කරන බවයි.

අනෙකුත් දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා සමගි ජනබලවේගය යටතේ තරඟ කරන බවද එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් මහතා පැවසුවා .

WhatsApp Group

Skip to content