නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය මේ වන විට ආරම්භ කර තිබෙනවා .

අද දින පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙනු ඇති .

මේ අතර වැඩිවන විදුලි ගාස්තු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමුකිරීමට නියමිතයි .

මේ අතර අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතව තිබෙනවා .

මේ පාර්ලිමේන්තුව ආරම්භයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැක්වූ අදහස් .

https://www.vnews.lk/storage/2023/01/DINESH-GUNAWARDHNA-EDIT.mp3?_=1

මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී .දොලේවත්ත මහතා සිය අදහස් දක්වමින් කියාසිටියේ පළාත් පාලන මැතිවරණයට තරුණ නියෝජනය එක්වීම ඉතාමත් සුබ දායක කරුණක් බවයි .

https://www.vnews.lk/storage/2023/01/DOLEWATTHA-EDIT.mp3?_=2

එහිදී සමගි ජනබ්ලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා දැක්වූ අදහස් වලට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙලෙස චෝදනා කළා .

https://www.vnews.lk/storage/2023/01/LAKSHMAN-KIRIELLA-EDIT.mp3?_=3

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතාගෙන් විමසා සිටියේ විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වෙන දරුවන්ට ලබාදෙන පොලිරහිත ණය පිළිබදවයි .

මේ ඒ සදහා පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා.

https://www.vnews.lk/storage/2023/01/WIMAL-VS-SUSIL-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content