නව විදුලි ගාස්තුව ජූනි මස 30 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එය ජූනි මස පළමුවන දා සිට බලාත්මක වනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබදව කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැන ගැනීම සදහා ජූනි මස පළමුවන දා ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර තමන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බවත් සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් හෙට පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.

ඔහු මේ බව සදහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඪදසජැ ක්‍මඑ – ජනක රත්නායක

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කිරීමටයි කටයුතු කළේ.

WhatsApp Group

Skip to content