ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරග කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළි දැක්වීම අද පස්වරු 3.00ට පැවැත්වෙනවා .

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දීයි.

එම සන්ධානය නම් කර ඇත්තේ, නිදහස් ජනතා සන්ධානය ලෙසයි.

නව සන්ධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ, හෙලිකොප්ටරය ඡන්ද ලකුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට කණ්ඩායම් ඉදිරිපත් කරන බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රමුඛ උත්තර ලංකා සභාගය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජාතික සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුලු පාර්ශව කිහිපයක් මෙම නව සන්ධානයට එක්වීමට නියමිත බව සදහන් .

WhatsApp Group

Skip to content