Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නව නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ග සමාජය තුළ ප්‍රචලිත වීම ඊට අදාළ මුදල් සංසරණ ක්‍රමවේදයක් වැළැක්වීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් නව සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අදාළ පනත යුගයට ගැළපෙන පරිදි යාවත්කාලීන විය යුතු බවයි මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

1912 වසරේ සිට හඳුන්වා දුන් සුරාබදු ආඥා පනත මේ වන විට වාර්තාගත ලෙස සංශෝධන සහ නිවේදන 1200කින් පමණ වෙනස් වෙමින් සංකීර්ණත්වයට පත්ව ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content