වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය අලුත් පාර ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නිදන් සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා සෙබලෙක් ද වන අතර සැකකරුවන් මල්වත්තාවලල ඇතිමලේ සහ බුත්තල යන ප්‍රදේශවල​ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් සදහා යොදාගත් උපකරණ රැසක් ද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

 

WhatsApp Group

Skip to content