Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

75 වන නිදහස් දින සැමරුමට පෙර ජාතික සංහිඳියාව ඇති කළ හැකිදැයි තමන්ට දැනුම්දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර තිබෙනවා .

ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදුකර ඇත්තේ ජාතික ආරක්ෂාවට හෝ මානව හිමිකම්වලට හානි නොවන අයුරින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා ඊයේ පස්වරුවේ කැඳවා තිබූ සර්ව පාක්ෂික නියෝජිත හමුවේදීයි .

මේ සඳහා අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී වී සිටියා .

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිදු අයෙකු ඒ සඳහා සහභාගී වී නොමැති වීමද විශේෂත්වයක් .

මේ එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් , දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් ,ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් ,තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් සහ පාර්ලිම්න්තු මන්ත්‍රී පාටලී චමිපික රණවක යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2022/12/MIX-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content