Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමේ සූදානමක් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය මේ මස 11 වන දා කැඳවීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 14 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඉන් 9 දෙනෙකු දැනටමත් වෙන්ව කටයුතු කරනු ලබන අතර ආණ්ඩුවට සහය පළ නොකරන මන්ත්‍රීවරුන් 5 දෙනා අතර යම් බෙදීමක් හටගෙන ඇති බවද සඳහන්.

අමාත්‍ය ධුර භාරගත් රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර, නිමල් සිරිපාලද සිල්වා, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, සුරේන් රාගවන්, ශාන්ත බණ්ඩාර, ජගත් පුෂ්පකුමාර මෙන්ම නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන 9 දෙනා ආණ්ඩුවට සහය පළ කළ යුතු බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, සාරතී දුෂ්මන්ත, අංගජන් රාමනාදන් ආණ්ඩුව සමඟ එක් නොවිය යුතුයි යන ස්ථාවරයේ පසුවනවා.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා කාරක සභාව කැඳවා සාකච්චා කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content