නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට ජිවත්වන ශ්‍රී ලාංකිකයන් හට කිසිදු හානියක් සිදුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

නේපාලය තුල ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු පමණ ජීවත් වන අතර ඔවුන් කත්මන්ඩු නුවර සහ පොක්කාරා යන ප්‍රදේශයේ රැඳී සිටින බවයි තානාපතිවරයා සදහන් කලේ.

කෙසේවෙතත් මේ වනවිට අදාළ භූ කම්පනය සිදුවු නේපාලයේ බටහිර ප්‍රදේශයේ හෝ ශ්‍රී ලාංකිකයන් හට කිසිදු හානියක් සිදුවී නොමැති බවට එරට බලධාරීන් තහවුරු කළ බව ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය කියා සිටියා.

බටහිර නේපාලයේ පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති අතර තවත් 160කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

අදාළ භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයක් ලෙසයි සටහන් වී තිබුනේ.

පළමු භූ කම්පනයෙන් පසුව පැයක් ඇතුළත තවත් පසු කම්පන 03ක් වාර්තා වූ බවද විදෙස් මාධ්‍ය සදහන් කළා.

WhatsApp Group

Skip to content