ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඇය සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකුද පැමිණ තිබෙන බව සඳහන්.

එම පිරිස ඊයේ රාත්‍රීයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටයි ශ්‍රී ලංකාව වෙත පැමිණියේ.

මේ අතර නේපාල විදේශ ඇමතිනි ආචාර්ය බිමලා රායි පෞද්යල් සිව් දින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍රගේ මහතාගේ ආරාධනයකට අනුවයි.

ලබන 4 වැනිදා පැවැත්වෙන 75 වන නිදහස් දිනයේ ගෞරවනීය ආරධිතයෙකු ලෙස ද ඇය එක්වීමට නියමිත බව සදහන්.

ඇයගේ මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු ඇමතිවරයා ද හමු වනු ඇති.

WhatsApp Group

Skip to content