Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් හිමිනමක් අපවත් වී තිබෙනවා.

පොලිස් මුලස්ථානය පැවසුවේ මෙම හිමිනම පේරාදෙණිය දඬුවාව පුරාණ රාජමහා විහාරස්ථානයේ උඩමළුවේ ආගමික වතාවත් සිදුකරමින් සිටින අතරවාරයේ අනතුර සිදුව ඇති බවයි.

පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව අපවත් වී ඇති බවද පොලිස් නිවේදනයේ සඳහන්.

අපවත් වී ඇත්තේ 18 වන වියේ පසුවූ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමක්. මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content