මෙම වසරේ පළමු මාස 9 තුළ ආදායම් බදු ආදායම ඉහළ ගොස් ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවක් මඟින් මේ බව පැහැදිලි කර තිබෙනවා.

2021 වසරේ පළමු මාස 9 තුළ වූ රුපියල් බිලියන 209.5 ක් ලෙස පැවති බදු ආදායම 2022 වසරේ එම කාලය තුළ දී රුපියල් බිලියන 431.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 106.1 % කින් ඉහළ යාමක්.

මේ අනුව වසරේ පළමු මාස නවයේ දී රජයේ ආදායම් බදු ආදායම දෙගුණ වී ඇති බවයි එම වාර්තාවෙහි දක්වා ඇත්තේ.

WhatsApp Group

Skip to content