නියමිත දිනට පළාත් පාලන මැතිවරණය පැවැත්වී ම සම්බන්ධයෙන් තීරණය අද ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා කියා සිටියේ අද දිනයේ විශේෂ සාකච්ඡාවක් සදහා මැතිවරණ කොමිසම රැස්වන බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තීරණය ගනු ලැබුවේ කොමිසමේ සාමාජිකයින්ගේ ඒකමතික තීරණයෙන් බවයි සභාපතිවරයා සදහන් කළේ.

මැතිවරණයට අදාළව නිකුත් කළ සෑම ගැසට් නිවේදනයක් සදහාම කොමිසමේ සාමාජිකයින් පස් දෙනාම අත්සන් තබා ඇති බවයි මැතිවවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළේ.

මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී විවිධ වාද විවාද ඇති වුණා.

WhatsApp Group

Skip to content