ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම හෙට දිනයේ අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස හෙට දිනයේ පැය නමය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව හෙට උදැසන 8.30 සිට පස්වරු 6.00 දක්වා පූගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරාපොල සහ අත්තනගල්ල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311