ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජනබලවේගය සහභාගි වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වී එහි යෝජනා පිළිබද විමසා බලා තම පක්ෂය ඊට ප්‍රතිචාර දක්වන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ තමන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වන බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද හෙට පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.
ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදියි.
මේ අතර ජාතික ජනබලවේගය හෙට පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවන බව දැනුම් දී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311