Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ – නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ යක්කලමුල්ල ,බදුල්ල දිස්ත්‍රික්කයේ- පස්සර,කෑගල්ල දිස්ත්‍රික්කයේ- යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ – රිදීගම, මාවතගම, අලව්ව ,මාතලේ දිස්ත්‍රික්කයේ – පල්ලෙපොල ,මහනුවර දිස්ත්‍රික්කයේ – උඩුදුම්බර යන ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල සිටින ජනතාව නාය යෑම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට දිනය තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය කරනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත කැලඹිලි ස්වභාවය අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් බවට වර්ධනය වනු ඇති බවයි.

මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දහයක පවුල් 1635 කට අයත් පුද්ගලයන් 6349 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ජල ගැලීම් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

WhatsApp Group

Skip to content