ප්‍රවිණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැක කෙරෙන සුරා බදු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රන්වල බලකාය සමග ප්‍රවීන ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන ලද අවුරුදු ගීතයක් විකෘත කිරීම සම්බන්ධයෙනුයි මොහුට එරෙහිව චෝදනා එල්ල වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි අප වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පමණක් වන අතර මොහු වෙනුවෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තිනෙත් කොරසගල්ල මහතා පෙනී සිටියා.

මේ අනුව අදාළ සැකකරු පිළිබද වෛද්‍ය වාර්තාවක් කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා.

WhatsApp Group

Skip to content