පාසල්වල ඉගැන්වීමේ කටයුතු සඳහා නිසි පුහුණුවකින් තොරව සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගැනීම හරහා ප්‍රාථමික අධ්‍යාපනයට විශාල බලපෑමක් එල්ලවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් .

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිසිදු පාසලක් ,ජාතික පාසලක් බවට පත් කිරීමට තමා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ සිටින තෙක් අවස්තාව ලබා නොදෙන බවයි .

https://www.vnews.lk/storage/2023/03/SUSIL-EDIT-01.mp3?_=1

එමෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දරුවන්ගේ පාසල් පැමිණීමද අඩු වී ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙහිදී ප්‍රකාශ කළා .

මෙම වසරේ මැයි මාසයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවතීමට ද සැලසුම් කර තිබු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ .

https://www.vnews.lk/storage/2023/03/SUSIL-EDIT-01.mp3?_=2

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය සාකච්චාවකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ද අදහස් පල කළා. එහිදී ඔහු සදහන් කලේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන අයුරින් පසුගිය කාලයේදී පාසල් වසා දැමුවේ නොමැති බවයි .

https://www.vnews.lk/storage/2023/03/JOSHAP-EDIT-1-3.mp3?_=3

WhatsApp Group

Skip to content