පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ ඛනිජ තෙල් හිගයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

පංජාබ් ප්‍රාන්තයේ නගර රැසක ඉන්ධනහල් වල ඛනිජ තෙල් නොමැති වීම හේතුවෙන් දිගු පෝලීම් දක්නට ලැබෙනවා.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ලාහෝර්, ගුජ්රන්වාලා හා ෆයසාලාබාද් යන නගරවලටයි.

එම නගරයන් හි ඉන්ධන හල් වලින් 70%ක පමණ ඛනිජ තෙල් නොමැති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය තුළදී ඉන්ධන සැපයුම්කරුවන් ඉන්ධන ලබා නොදීම මීට හේතුව වී තිබෙනවා.

WhatsApp Group

Skip to content