Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා යොමු කිරීමටයි වෙන් කරනු ලැබුවේ.

ඉන් අනතුරුව පස්වරු 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශවය ගෙනෙන යෝජනාවකට අනුව වතු ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු පිළිබදව කල්තැබීමේ විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තුව ආරම්භයේදීම නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා සභාවට දැනුම් දුන්නේ ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත්, ඇතැම් වගන්තිවල ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලස පාර්ලිමේන්තුවට දන්වා ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/08/AJITH-RAJAPAKSHA-EDIT-1.mp3?_=1

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් විමසා සිටියේ යාල ඇතු`ඵ වනෝද්‍යානවල සතුන් සදහා වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය ලබා දීමේ නව වැඩපිළිවෙලක් පවතීද යන්නයි.

https://www.vnews.lk/storage/2023/08/WEERASUMANA-EDIT.mp3?_=2

මේ සදහා පිළිතුරු ලබා දුන් වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.

https://www.vnews.lk/storage/2023/08/PAVITHRA-WANNIARACHCHI-EDIT.mp3?_=3

මේ අතර පසුගිය දින ඉන්දියාව සමග ඇතිකර ගත් ගිවිසුම් මොනවාද යන්න පිළිබදව සභාව හමුවේ ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා හට කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/08/DAYASIRI-EDIT.mp3?_=4

මේ, ඒ සදහා පිළිතුරු ලබා දුන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා.

https://www.vnews.lk/storage/2023/08/ALI-SABRI-EDIT-1.mp3?_=5

WhatsApp Group

Skip to content