පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එහිදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න පළමුව ඉදිරිපත් කෙරෙනු ඇති.
එමෙන්ම පනත් කිහිපයක් අද දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර අධිකරණ අමාත්‍යවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ආර්ථික පීඩාවන්ට එරෙහි සමාජ විරෝධය පාලනය සඳහා රජය යළි ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311