Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 9.30 සිට 10.30 දක්වා වන කාලය වාචික පිළිතුරු අපෙක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර, අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියම ද්විත්වයක්, 2021 අංක 30 දරන විසර්ජන පනතේ 08වැනි වගන්තිය යටතේ යෝජනා සම්මතයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ තීරු බදු සම්බන්ධයෙන් වන යෝජනා සම්මතයක් පිළිබද විවාදය පැවැත්වීමට නියමිතයි.

මේ අතර එළැඹෙන අප්‍රේල් මාසය වන විට ජනතාවට දැනෙන ලෙස බඩු මිල අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුක ආණ්ඩුව කටයුතු කරන බව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2023/03/MAHINDANANDA-EDIT.mp3?_=1

දරුණු අනතුරක ප්‍රජාතන්ත්‍රවාදය හෙලා දමා එය වැටුනු රට ගොඩගන්නවා කියන ලේබලයෙන් සගවා තිබෙන බව එම විවාදයේදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/HESHA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content