මෙම සතිය තුල පාර්ලිමේන්තුව පළමු වරට අද දිනයේදී රැස් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වනු ඇති.
එමෙන්ම ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවද අද පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වීමට නියමිතයි.
මෙරට ළමා මන්දපෝෂණ තත්වය පිලිබදව සොයා බැලීම සහ ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවද අද පස්වරු 3.00 ට පාර්ලිමේන්තුවේදී රැස් වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311