එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වන අගහරුවාදා දින පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ කථා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය කළ බවයි.

මේ අනුව පාර්ලිමේන්තුව අප්‍රේල් මස 04 වන දා පෙරවරු 9.30 ට රැස්වන අතර එතැන් සිට පෙරවරු 10.30 අතර කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා බවටයි වාර්තා වන්නේ.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා සෙස් බද්ධ සංශෝධනය කිරීමට අදාළ රෙගුලාසිවලට අනුව විවාදයක් ද කැදවීමට නියමිතයි.

පසුව පස්වරු 5 හේ සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේදී ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content