එළැඹෙන 31 වැනිදා සිට පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා පත් කිරීමට ජනාධිපතිවරයා සිදු කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබෙවනවා.

කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම සඳහා වන අයදුම්පත් ද සලකා බැලීමද මෙහිදී සිදු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content