පාසල් අවට මතින් තොර නිදහස් කලාපයක් බවට පත්කිරිමේ විශේෂ නියමු ව්‍යාපෘතිය අද ආරම්භ වනවා.
පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන නම් කර ඇත්තේ පවුර සංසදය ලෙසයි.
ඒ අනුව දිවයින පුරා පිහිටි මත්ද්‍රව්‍ය ව්‍යසනයට ගොදුරු වියහැකි බවට හදුනාගත් පාසල් 5,202ක මෙම වැඩසටන ක්‍රියාවට නංවන බවයි පොලිසිය සදහන් කළේ.
මෙහි පළමු වැඩසටහන අද කොළඹ ආනන්ද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311