පාසල් සිසුන්ගේ වාර ප්‍රවේශපත්‍රවල ගාස්තු සියයට 25 ත් 30 ත් අතර ඉහළ දැමීමේ සූදානමක් පවතින බවට වාර්තා පල වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදියි.

එහිදි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද අදහස් පළ කළා.

එමෙන්ම ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදි පැවසුවා.

https://www.vnews.lk/storage/2023/05/BANDULA-GUNAWARDHANA-EDIT-.mp3?_=1

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනාවක් කළා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම ක්‍රියාවලිය අසාධාරණ බවයි.

කෙසේ වෙතත් නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ එම කාරණය අසත්‍ය බවයි.

https://www.vnews.lk/storage/2023/05/WIMAL-WEERAWANSHA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content