පාස්කු ප්‍රහාරයට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන නිදහස ලැබූ පුද්ගලයා ඝාතනය කිරීමට හේතු වූ කරුණු කාරණා සොයාගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මීට අමතරව මෙම පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයන් සහ ඔවුන් ඝාතනය සඳහා පැමිණි වාහනය හඳුනාගැනීම ද මෙම විමර්ශනවලදී සිදු කෙරෙන බව ත් පොලිස් මූලස්ථානය කියයි.

මියගිය පුද්ගලයා 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජා-ඇළ පොලිසිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත් වූ අයකු බවත් ඔහු සමග තවත් පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව ත් පොලිසිය සඳහන් කරයි.

WhatsApp Group

Skip to content