Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පෑලියගොඩ – බියගම මාර්ගයේ කළු පාලම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ තුවාල ලැබූ පුද්ගලයා බන්ධනාගාර ගතව සිට දැනට සති කිහිපයකට පෙර ඇප ලබා පැමිණි අයෙකු බවයි.

ඔහුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන්ද අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවට දැනට සිදු කරන ලද විමර්ශනපදී අනාවරණය වී ඇති බවයි පෙලිසිය කියා සිටියේ.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content