Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් දැන්වීම් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළා.

මාර්තු මස 09වන දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ දැන්වීම සිය`ඵම දිස්ත්‍රික්කවලින් මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති බව ද සඳහන්.

ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පැෆ්රල්, කැෆෙ, ඇතුළු සංවිධානවලට එලෙස මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි.

කෙසේ වෙතත් ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිස නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ, නිරීක්ෂණ කණ්ඩායම් දෙකකට පමණක් බවයි ඔහු කියා සිටියේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, සෙසු සංවිධාන බාහිරව නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවයි.

මේ අතර, පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7000ක් යොදවන අතර දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

මේ, දිනෙන් දින උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ කිහිපයක අදහස්.

https://www.vnews.lk/storage/2023/01/MIX-EDIT-1-9.mp3?_=1

WhatsApp Group

Skip to content