කප්පම් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි 03 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පුද්ගලයකු පැහැර ගෙන ගොස් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසියට මින් පෙර පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව සිදුකල විමර්ෂණ වලදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාද්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පැහැරගැනීම සඳහා යොදාගත් වැන් රථය සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා,සැකකරු අද මඩකලපුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ද අනෙක් සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content